වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ජේලර්වරයා ඝාතනයට තවත් අයෙකු අත්අඩංගුවට

Tuesday, 03 September 2019 - 9:28

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%9A+%E0%B6%A2%E0%B7%9A%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අම්බලන්ගොඩ - කුලීගොඩ මං සන්ධියේදී පසුගිය මස 03 වනදා වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ඝාතනය කිරීමේ සිද්ධියට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කුලීගොඩ ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි මොහු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසු ඝාතනයට යොදාගත් ටී - 56 ගිනි අවියක් සහ උණ්ඩ 12ක් සහිත මැගසිනයක් ද සොයාගෙන තිබෙනවා.

එමෙන්ම, මෙම සැකකරු සමඟ ගිනි අවි පරිහරණය කළ බවට අනාවරණ වූ තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.

මේ අතර, පසුගිය මස 15 වනදා ග්‍රෑන්ඞ්පාස් -මාදම්පිටිය - කනත්තේ දී පාතාල සාමාජික සම්පත් නිරෝෂන් හෙවත් ආනමාලූ රංග සහ මොහොමඞ් ඉම්රාන් ඝාතනය සම්බන්ධයෙන් ද තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ - 15 ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සැකකරු ඊයේ මෙලෙස සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.