රක්ෂිත දෙකක ගිනි

Tuesday, 03 September 2019 - 9:30

%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92
මොණරාගල - කුඹුක්කන - කලවැල්ආරගම රක්ෂිත කන්දේ සහ බුත්තල කර්මාන්තපුරය අසළ රක්ෂිතයේ ගිනි ගැනීම් හටගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ හටගත් මෙම ගිනි ගැනීම් මේ වන විට මැඬ පවත්වා ඇති බවයි. ගිනි ගැනීම්වලට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

එමෙන්ම, හැටන් - දිඹුල - රොසීටා වතුයායේ නිවාස පෙළක හටගත් ගින්නකින් නිවාස 8කට හානි සිදුව තිබෙනවා.