කසල තේ කිලෝ 6480ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Tuesday, 03 September 2019 - 9:59

%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+6480%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නිට්ටඹුව ප්‍රදේශයේදී කසල තේ ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ප්‍රදේශයේ ඊයේ සිදුකළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සතුව තිබී කසල තේ කිලෝග්‍රෑම් 6480ක් පොලීසිය භාරයට ගනු ලැබුවා. සැකකරුවන් දෙදෙනා අවුරුදු 38 සහ 35 යන වයස්වල පසුවනගලහ - මුරුතගහමුල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

මොවුන් කලක සිට මෙලෙස කසල තේ අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිටි බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.