සූරියවැව වෙඩි තැබීමක් - වැලිකඩ ජේලර් ඝාතනයේ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

Tuesday, 03 September 2019 - 11:25

%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9+%E0%B6%A2%E0%B7%9A%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සූරියවැව - මහගල්වැව ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

මහගල්වැව ප්‍රදේශයේ රක්ෂිතයක මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සූරියවැව - මහසෙන්පුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.

පවුල් ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර සැකකරු හඳුනාගෙන තිබෙනවා.

මේ අතර, අම්බලන්ගොඩ - කුලීගොඩ මං සන්ධියේදී පසුගිය මස 03 වනදා වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් තිලිණ රුවන් ජයරත්න ඝාතනය කිරීමේ සිද්ධියට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ අත්අඩංගුවට ගත් එක් අයෙකු කුලීගොඩ ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසු ඝාතනයට යොදාගත් ටී - 56 ගිනි අවියක් සහ උණ්ඩ 12ක් සහිත මැගසිනයක් ද සොයාගෙන තිබෙනවා.

එමෙන්ම, පොලිස් භාරයට ගනු ලැබූ මෙම ගිනිඅවිය පරිහරණය කළ බවට අනාවරණය වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු 42 හැවිරිදි අම්බලන්ගොඩ තල්ගස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම, පසුගිය මස 7 වනදා ග්‍රෑන්ඞ්පාස් - ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 24 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි මෙම සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ - 4 කණුව ප්‍රදේශයේදීයි.