බෝරා සමුළුවෙන් මගීන් අපහසුතාවයක

Tuesday, 03 September 2019 - 12:42

%E0%B6%B6%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A
කොළඹ පැවැත්වෙන බෝරා සමුළුව නිමවීමත් සමඟ කටුනායක ගුවන් තොටුපළ ආශ්‍රිතව පැවතිය හැකි තදබදය අවම කර ගැනීමට විශේෂ වැපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා.

පසුගිය 1 වන දා සිට ලබන 10 වන දා දක්වා බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි බෝරා පල්ලියෙහි පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 40කින් බෝරාවරු 23,000කට අධික පිරිසක් එක්ව සිටිනවා.

ඇතැම් බෝරාවරුන් විශේෂ ගුවන් යාන මඟින් දිවයිනට පැමිණීමත් සමඟ ගුවන් යානා නවතා තබන අංගනය ආශ්‍රිතව ද තදබදයක් හටගෙන තිබුණා.

බෝරා සමුළුව හේතුවෙන් කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා මෙන්ම මොරටුව ආශ්‍රිතව ද විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගත්තා.

කෙසේ වෙතත්, මේ හේතුවෙන් ඒ අවට මාර්ගවල දැඩි වාහන තදබදයක් පවතින බවයි මගී ජනතාව ප්‍රකාශ කළේ.

එමෙන්ම කොල්ලුපිටිය - දෙහිවල ප්‍රදේශ ආශ්‍රිතව වාහන නවතා තැබීමටද ඉඩ පහසුකම් නොමැති බවට ජනතාව සඳහන් කළා.

එම ප්‍රදේශ ආශ්‍රිතව පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ.