අරුවක්කාලු දක්වා කසල ගෙනගිය රථවලට යලිත් විරෝධය - කැරළි මර්දනයත් කැදවයි

Tuesday, 03 September 2019 - 12:47

%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%94+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+-+%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B7%85%E0%B7%92+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B7%92
කොළඹ සිට අරුවක්කාලු කසල අංගනයට කසල ප්‍රවාහනය කිරීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද අලුයම පුත්තලම නගරයේ විරෝධතාවක නිරත වුණා.

හිරු වාර්තාකරු සඳහන් කළේ පිරිසිදු පුත්තලමක් සඳහා වූ සංවිධානය මෙම විරෝධතාව සංවිධාන කර තිබූ බවයි.

විරෝධතාව හේතුවෙන් පුත්තලම - නගරය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් මෙන්ම කැරළි මර්දන ඒකකය ද කැදවා තිබුණා.

අප වාර්තාකරු සඳහන් කළේ 500කට වැඩි පිරිසක් විරෝධතාවට එක්ව සිටි අතර ඔවුන් කසල රැගත් ටිපර් රථ නගරය හරහා ගමන් කරන අවස්ථාවේදී මෙලෙස විරෝධතාවයේ නිතර වූ බවයි.

පොලිසිය සඳහන් කළේ ප්‍රාදේශවාසීන්ගේ විරෝධතාවය හේතුවෙන් අරුවක්කාලු දක්වා කසල රැගෙන යන ටිපර් රථ සඳහා මුන්දලම ප්‍රදේශයේ සිට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබූ බවයි.

අරුවක්කාලු දක්වා කසල රැගෙන ගිය ටිපර් රථවලට ප්‍රදේශවාසීන් විසින් විරෝධය පළ කිරීමත් සමඟ ඊට ආරක්ෂාව ලබාදුන් අතර පසුව එලෙස කසල රැගෙන ගිය ටිපර් රථවලට අවස්ථා කිහිපයකදී ගල් ප්‍රහාර එල්ල වුණා.

සිද්ධීන්වලට සම්බන්ධ කිහිපදෙනෙකු ද පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපමත මුදා හැර තිබුණා.