පාස්කු ඉරිදා තේරීම් කාරක සභාවේ කැදවීමට ජනපතිගේ කැමැත්ත

Tuesday, 03 September 2019 - 12:50

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැමැත්ත පළ කර තිබෙනවා.

එම කමිටුවේ සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කළේ තමන් අමතා කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදීමට ජනාධිපතිවරයා එකඟත්වය පළ කළ බවයි.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගෙන් සාක්ෂි ලබා ගන්නා දිනය සහ ස්ථානය මෙතෙක් තීරණය කර නොමැති අතර, ජනාධිපති කාර්යාලය වෙත ගොස් ජනාධිපතිවරයාගෙන් සාක්ෂි ලබා ගැනීමට වුවද කමිටුව සූදානම් බවයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි සඳහන් කළේ.

ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු සතියේදී ජනාධිපතිවරයාගෙන් සාක්ෂි ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු කියා සිටියා.

විශේෂ තේරීම් කාරක සභාවේ රැස්වීමක් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති අතර එහිදී ද ජනාධිපතිවරයාගෙන් සාක්ෂි විමසීම පිළිබදව සාකච්ඡා වී තිබෙනවා.

කෙසේ වෙතත්, මීට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ තමා කිසිවිටෙකත් පෙනී නොසිටින බවයි.

මෙම විශේෂ කාරක සභාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නීතිය හා සාමය පිළිබද හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාරගෙන් මීට ඉහත සාක්ෂි ලබා ගත්තා.

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි වැඩිදුරටත් සඳහන් කළේ මෙතෙක් ලබා ගත් සාක්ෂි පදනම් කර ගනිමින් අවසන් වාර්තාව සකස් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව මේ මස අවසානයේදී එම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු කියා සිටියා.