ආර්ථික කළමනාකරණයට රජය තවමත් අපොහොසත්

Tuesday, 03 September 2019 - 12:52

%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B7%83%E0%B6%AD%E0%B7%8A
ඇමසන් වනය ගින්නෙන් බේරා ගැනීමට ලබාදෙන මුදලට වඩා හතර ගුණයක මුදලක් පසුගිය 20 වනදා සිට මේ දක්වා රුපියල ආරක්ෂා කර ගැනීම සඳහා මහ බැංකුව වෙලඳපොලට ඩොලර් නිකුත් කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදි මන්ත්‍රීවරයා කියා සිටියේ ජාතික ආරක්ෂාව මෙන්ම, ආර්ථික කළමනාකරණය ද වත්මන් ආණ්ඩුවට සිදුකළ නොහැකි බව මේ වන විටත් තහවුරු කර ඇති බවයි.

මේ අතර අමාත්‍ය මනෝ ගනේෂන් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි සතියේදී එක්සත් ජාතික පක්ෂය ගොඩනගන සන්ධානය සම්බන්ධයෙන් නිවැරදි තීරණයකට එළඹිය හැකි බවයි.