ඌවට සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්ක වලට අද පස්වරුවේ වැසි

Tuesday, 03 September 2019 - 14:12

%E0%B6%8C%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%2C+%E0%B6%B8%E0%B6%A9%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
ඌව පලාතේ සහ අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, මධ්‍යම, සබගරගමුව, දකුණ සහ වයඹ පළාත්වලටද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කලේ.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ සහ පුත්තලම සිට කන්කසන්තුරය, මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමිටර 55 දක්වා ඉහල යාමේ හැකියාවක් පවතිනවා.