මගීන්ගේ විරෝධය හමුවේ වෙන්න ගිය මහ විනාශය නතර වූ හැටි

Tuesday, 03 September 2019 - 14:48

%E0%B6%B8%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
මහා මාර්ගයේ ආලෝක සංඥා දැල්වී තිබියදී දුම්රිය හරස් මාර්ගය ඔස්සේ අපරික්ෂාකාරීව බස් රථයක් ධාවනය කිරීමට ගොස් ඇති වීමට ගිය මහා ඛේදවාචකයක් නවතා ගැනීමට බස් රථයේ ගමන් ගත් මඟින් සමත්ව තිබෙනවා.

වේයන්ගොඩ දුම්රිය හරස් මාර්ගයේ මෙම සිදුවීම අද (03) උදෑසන සිදුව ඇති අතර මෙලෙස දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමට උත්සහ කර ඇත්තේ වේයන්ගොඩ සිට ගලපිටමඩ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකි.

එම අවස්ථාවේ බස් රථයේ සිටි මඟින් ගෙන් බස් රථයේ රියදුරුට හා කොන්දොස්තරවරයාට දැඩි විරෝධයක් එල්ල වු බවයි අප වාර්තා වන්නේ.

බස් රථය මේ වන විට වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශය භාරයේ පවතිනවා.

අප වාර්තාකරු කියා සිටියේ මෙම දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ගේට්ටුව වසා පවතින අවස්ථාවන් වලදීද රථ වාහන ගමන් කිරීම හේතුවෙන් අනතුරු සිදුවීමේ ඉඩ ප්‍රස්ථාව වැඩි බවයි.