පිරිමි මළ සිරුරු දෙකක් අලව්ව පාලම අසළින් සොයාගැනේ

Tuesday, 03 September 2019 - 17:06

%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%80%E0%B7%8A%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8+%E0%B6%85%E0%B7%83%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
අලව්ව පාලම අසළ මාඔයේ තිබී අද සොයාගත් පිරිමි පුද්ගල මළ සිරුරු සම්බන්ධයෙන් වරකාපොල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

 ගසාගෙන යමින් තිබූ මෙම සිරුරු ප්‍රදේශවාසීන් මැදිහත්වී ඔය ඉවුරේ රඳවාගෙන ඇති අතර, සිරුරුවල අනන්‍යතාව මෙතෙක් හෙළිවී නැහැ.

 මෙම සිරුරු අවුරුදු 30 ත් 40 ත් අතර, වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකුගේ බවට පොලීසිය සැක කරනවා. කළු පැහැති ටීෂර්ට්වලින් සැරසී සිටින මෙම පුද්ගලයින්ගෙන්  එක් අයෙකුගේ අතෙහි අව් කණ්නාඩියක් රැඳී පවතින බව  හිරු වාර්තාකරු කියා සිටියා.

මොවුන් ඝාතනය කර ඔයට දැමුවේද, එසේ නොමැතිනම් දියේ ගිලීමෙන් මියගියේද යන්න සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන සිදුකරනවා.