Update - 2020දී පුළුල් පෙරමුණකින් නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගොඩනගනවා - ජනපති

Tuesday, 03 September 2019 - 17:53

Update+-+2020%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ඉදිරි ජනාධිපතිවරණයේදි පුළුල් ජනතාවාදී ප්‍රගතිශීලී පෙරමුණක් ගොඩනගා ලබන වසරේ ආණ්ඩුව නිර්මාණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර සැමරුම කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි අද අමතමින් ජනාධීපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් පළමු වගඋත්තරකරුවා වන්නේ අග්‍රාමාත්‍යවරයා බවයි.

තීන්දුව හරි අතට යන්න තේමා කර ගනිමින් මෙවර සංවත්සර සැමරුම සංවිධාන කර තිබුණා.

ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් එහි වැඩකටයුතු ආරම්භ වූ අතර, ආගමික නායකයන් මෙන්ම දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන් සංවත්සර සැමරුමට එක්ව සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහ හිටපු අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මෙන්ම නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක්ද ඊට එක්වුණා.

වෙනත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක, රිෂාඞ් බදියුදින් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්දා, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර ඇතුලූ පිරිසක් නිදහස් පක්ෂ සංවත්සරයට සහභාගිවී සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම අවස්ථාවට එක්වූ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයට වාසි නොවන තීන්දුවක් ඉදිරියේදී ගතයුතු බවයි.

අනතුරුවයි පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිදහස් පක්ෂයේ 68 වන සංවත්සරය අමතනු ලැබුවේ.



---------------------------------------------------------------------------------------

පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමේ පළමු වග උත්තරකරු අගමැති - ජනපති ශ්‍රීලනිප සම්මේලනයේදී කියයි - TUESDAY, 03 SEPTEMBER 2019 - 17:53

පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් පළමු වග උත්තරකරු අගමැති බව ජනාධිපතිවරයා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 68වන සම්මේලනයේදී.


දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More