සජිත්ගේ ඊමේල් නාමලේඛනවලටත් නිවාස අධිකාරියෙන් රැකියා - ජනපති කොමිසම කියයි

Tuesday, 03 September 2019 - 18:49

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%8A%E0%B6%B8%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අමාත්‍ය සජිත් ප්‍රේමදාස දැනුවත්ව ඊමේල් මගින් යොමුකරන නාමලේඛන සඳහා එසැණින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පත්වීම් ලබාදෙන බව වංචා දූෂණ සොයන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද අනාවරණ වුණා.

ඒ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියට නීතිවිරෝධීව සේවකයන් බඳවා ගැනීම සම්බන්ධයෙන් සිදුකළ සාක්ෂි විභාගයේදියි.

එම අධිකාරියේ මානව සම්පත් සහ පාලන අංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී ලලිත් එදිරිසිංහ අද සාක්ෂි ලබාදුන් අතර, ඔහු සඳහන් කළේ අමාත්‍යවරයාගේ දැනුවත් භාවය ඇතිව ඔහුගේ පෞද්ගලික ලේකම් සහ සම්බන්ධීකරණ ලේකම්වරයා ඊමේල් මගින් අදාළ නාමලේඛන යොමු කරන බවයි.

එසැණින්ම සභාපතිවරයාගේ අනුමැතියෙන් පත්වීම් ලිපි සකසා ඒවා යළි නිවාස අමාත්‍යාංශයට යවන අතර, උත්සව සංවිධාන කර බඳවාගැනීම් සිදුකරන බවත් ඔහු ප්‍රකාශ කළා.

මේ අතර අමාත්‍යවරයාගේ නියෝග මත නිවාස අධිකාරියට බඳවාගැනීමේ ලේඛනයක ඇමුණුමක්ද ජනාධිපති කොමිසම මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

එහි ඇතැම් ස්ථානවල ලබාදී ඇති දායකත්වය යන තීරුවේ අදාළ නම් ඉදිරියෙන් ‘‘ඔසු උයන ඉදි කිරීමට දායකත්වය දැක්වීම, නිර්මාණාත්මකව ඔසු උයන සැකසීම, ඔසු උයන ඉදිකිරීමට බාහිර දායකත්වය දැක්වීම වැනි කරුණු සඳහන් වනවා.

ලබාදී ඇති සහනය තීරුවේ මීළඟ උසස්වීම්, ස්ථිර සේවයේ පිහිටුවීම, කොන්ත්‍රාත් පදනමට පත් කිරීම, ලක්ෂ 5 ක නිවාස ණය ලබාදීම, සේවය ස්ථිර කිරීම, වැටුප් වර්ධක දෙකක් ලබාදීම වැනි කරුණුද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

එසේම ලක්ෂ 5 ක නිවාස ණය මුදලක් ලබාදී ඇති පුද්ගලයෙකු බුලත්සිංහල - කෘෂිපර්යේෂණ නිලධාරියෙකු ලෙස කටයුතු කරන බවද එම ඇමුණුමේ සඳහන්.

මේ අතර ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් සී.පී.එස්.ටී.එල්. ආයතනයේ තෙල් බවුසර දෙකක් ද අද කොමිෂන් සභාව නිරීක්ෂණය කළා.

එහිදී අනාවරණ වුණේ වැඩි මිලට ගත් බවුසරවලට වඩා අඩුමිලට ගත් බවුසර්වල පහසුකම් වැඩි වශයෙන් පවතින බවටයි.

හෙට දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඇතුලූ පාර්ශවයන් කිහිපයක්ද සාක්ෂි ලබාදීමට නියමිත අතර, මේ මස 11 වනදා කොමිෂන් සභාවට පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ටද සිතාසි නිකුත් කර තිබෙනවා.