හෙරොයින් සමඟ 12 දෙනෙකු දඹුල්ලේ දී අත්අඩංගුවට

Wednesday, 04 September 2019 - 8:05

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+12+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හෙරොයින් සමඟ 12 දෙනෙකු දඹුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන්ගෙන් දෙදෙනෙකු හෙරොයින් ජාවාරමේ නිරත වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවන් සන්තකයේ තිබී ඊයේ හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 450ක් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 24ත් 38ත් අතර වයසේ පසුවන දඹුල්ල, පදවි ශ්‍රී පුර, ඉනාමළුව, කෝන්ගහවෙල, කිකුල්හිටියාව සහ මඩාටුගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම සැකකරුවන් දඹුල්ල නගරය ආශ්‍රිතව බස් රථවලින් කප්පම් ගැනීම ඇතුළු නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.