වජිර ගෙනා තීරු බදු සහන යෝජනාවට කැබිනට්ටුවේදී මංගලගේ විරෝධය

Wednesday, 04 September 2019 - 8:49

%E0%B7%80%E0%B6%A2%E0%B7%92%E0%B6%BB+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
පළාත්සභාවල හිටපු මන්ත්‍රීවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයන කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අනුමැතිය ඉල්ලා පලාත් සභා හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඊයේ ගැටළුකාරී තත්වයක් මතු වුණා.

ඊට මුදල් අමාත්‍ය මංගල සමරවීර කැමැත්ත පළ නොකළ බවයි වාර්තාවන්නේ.

එහිදී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා විසින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ලබාගැනීම සඳහා බලපත්‍ර නිකුත් කළ යුතු බවට වූ යෝජනාවට පක්ෂව අදහස් පළ කර තිබෙනවා.

පළාත් සභාවල හිටපු මන්ත්‍රීවරුන්ට ඇමරිකානු ඩොලර් 35,000 ක උපරිමයකට යටත්ව තීරුබදු සහන යටතේ වාහන ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස අදාළ යෝජනාවේ සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ලබන සතියේදී තීරණයක් ලබාදෙන බවයි මෙහිදී මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.