ඒකාබද්ධයේ පක්ෂ නායකයින් යළි රැස්වේ

Wednesday, 04 September 2019 - 8:52

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඊට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් සහභාගිවී ඇති බවයි වාර්තාවන්නේ.

විපක්ෂ නායකවරයාගේ විජේරාමේ පිහිටි නිල නිවසේ මෙම සාකච්ඡාව පැවති අතර, ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සහ මැතිවරණ ව්‍යාපාරය සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වූ බවයි වාර්තාවන්නේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිවසේදීද ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඊට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද සහභාගිවී ඇති බවයි වාර්තාවන්නේ.