වන අලියෙකු පහරදීමෙන් කාන්තාවක් මරුට

Wednesday, 04 September 2019 - 12:00

%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මහවිලච්චිය - උලුකුලම ප්‍රදේශයේ දී වන අලියෙකු පහරදීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.

නිදා සිටි මෙම කාන්තාව නිවසෙන් පිටත ශබ්දයක් ඇසී ඒ දෙසට ගමන් කිරීමේදී අද අලුයම මෙලෙස වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 58 ක් වන කාන්තාවක්.