අගමැති දිවයිනට

Wednesday, 04 September 2019 - 13:21

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
මාලදිවයිනේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණියා.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 102 දරණ යානයෙන් මෙලෙස දිවයිනට පැමිණි බවයි හිරු ගුවන්තොටුපල වාර්තාකරු ප්‍රකාශ කළේ.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා දිගින් දිගටම ප්‍රමාද වීම ගැටලු සහගත බව අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළා.

ඒ ඊයේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින්.

මේ අතර, තම පක්ෂය සහය දෙන ජනාධිපති අපේක්ෂකයා අවසන් මොහොතේ ප්‍රකාශයට පත් කරන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ප්‍රකාශ කළා.

ඊයේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.