විධායක සහ සංවර්ධන නිලධාරී වර්ජනයෙන් රාජ්‍ය ආයතනවල කටයුතුවලට බාධා

Wednesday, 04 September 2019 - 13:37

%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
රජයේ විධායක නිලධාරින් සහ සංවර්ධන නිලධාරින් දියත් කර ඇති එක්දින සංකේත වර්ජනය හේතුවෙන් රාජ්‍ය ආයතනවල කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත සංවර්ධන නිලධාරින් මෙලෙස වර්ජනයක නිරත වන්නේ ගම්පෙරළිය සහ ග්‍රාම ශක්ති වැඩසටහන්වලට අදාළව ආණ්ඩුව පොරොන්දු වූ රුපියල් 3000 ක දීමනාව ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

මොවුන් වර්ජනයට සමගාමීව විරෝධතා පාගමනක නිරත වන අතර, බොරැල්ල කනත්ත මංසන්ධියෙන් ආරම්භ වූ එම පාගමන මේ වනවිට ටොරින්ටන්හි පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටට ළඟා වී තිබෙනවා.

මේ අතර, වැටුප් විෂමතාවන්ට විසඳුම් ලබා දෙන ලෙස බලකරමින් රජයේ විධායක නිලධාරින් අද ලෙඩ නිවාඩු දමා වර්ජනයක නිරත වනවා.

ඔවුන් ද, කොළඹ ටොරින්ටන්හි පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට අද දහවල් විරෝධතාවක් ද සංවිධාන කර තිබුණා.

මේ අතර, බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකමුතුව සහ රැකියා විරහිත උපාධිධාරි සංගමයද අද කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා.

අනතුරුව, ඔවුන් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණි අතර, මේ හේතුවෙන් ගාලුමුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුම අසලින් වසා දැමීමටයි පොලීසිය පියවර ගනු ලැබුවේ.