මා ඔයෙන් හමුවූ සිරුරු වල සුලමුල හෙලිවේ

Wednesday, 04 September 2019 - 13:42

%E0%B6%B8%E0%B7%8F+%E0%B6%94%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%94%E0%B6%BD%E0%B6%B8%E0%B7%94%E0%B6%BD+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%9A
අලව්ව - මාඔය පාලම අසල පාවෙමින් තිබියදී ඊයේ සොයාගත් මළ සිරුරු දෙක සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

මියගිය දෙදෙනා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර නිවාස කොල්ලකෑම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගියදා අලව්ව ප්‍රදේශයේ නිවාස දෙකක් කොල්ල කා මොවුන් පලායන අවස්ථාවේදී ප්‍රදේශවාසීන් පසුපස හමාගොස් ඇති අතර බියට පත් වූ කොල්ලකරුවන් මාඔයට පැන ඇති බවටයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

වර්ෂාවත් සමඟ මාඔයේ සැඩ පහර අධික වීම හේතුවෙන් මොවුන් දියේගිලී ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

මියගිය දෙදෙනා අවුරුදු 30ත් 35ත් අතර වයස්වල පසුවන්නන්.