විරෝධතා නිසා කොළඹ හිරවෙයි

Wednesday, 04 September 2019 - 13:48

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විරෝධතා කිහිපයක් හේතුවෙන් කොළඹ නගරයේ ස්ථාන රැසක අද රථවාහන තදබදයක් පැවතුණා.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද වර්ජනයක නිරතවූ රජයේ සංවර්ධන නිලධාරින්ගේ සංගමය සංවිධාන කළ විරෝධතා පා ගමනක් නිසා බේස්ලයින් මාර්ගයේ බොරැල්ල කනත්ත වටරවුමේ සිට නාරාහේන්පිට දක්වා දැඩි රථවාහන තදබදයක් හටගත්තා.

පසුව ඔවුන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට ගොස් සාකච්ඡාවක නිරතවුණා.

මේ අතර වැටුප් විෂමතාවන්ට විසදුම් ලබා දෙන ලෙස බලකරමින් රජයේ විධායක නිලධාරින්ද ලෙඩ නිවාඩු දමා අද වර්ජනයක නිරත වුණා. ඔවුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට අද දහවල් විරෝධතාවක  නිරතවූ අතර, ඒ හේතුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අවට දැඩි රථවාහන තදබදයක් හටගත්තා.

එසේම බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකමුතුව සහ රැකියා විරහිත උපාධිධාරි සංගමයේ විරෝධතාවක් හේතුවෙන් ගාලූමුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුම අසලින් වසා දැමීමට  පොලීසිය පියවර ගත්තා.

මේ අතර පෞද්ගලික විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත වහා හකුලාගන්නා ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුලූ තවත් සංවිධාන කිහිපයක් එක්ව ජනාධිපති ලේකම් කාර්යාලයට අද පස්වරුවේ ඒකාබද්ධ ප්‍රකාශයක් ලබාදුන්නා.