දඩුවම ලිහිල් කරන්නැයි කංජිපානිගෙන් අභියාචනාවක්

Wednesday, 04 September 2019 - 14:02

%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පාතාල නායකයෙකු වන මොහොමඞ් නජීම් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් තමන්ට ලබාදී ඇති වසර 6 ක බරපතල වැඩ සහිත සිරදඩුවම ලිහිල් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.

හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ ඔහුගේ නීතිඥයින් විසින් අද උදෑසන එය ඉදිරිපත් කළ බවයි.

මේ වනවිට කංජිපානි ඉම්රාන් බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින අතර, කොළඹ මහාධිකරණය පසුගියදා ඔහුට මෙම සිරදඩුවම නියම කළේ ගංජා කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 300 ක් ළග තබා ගැනීමේ සහ ජාවාරම් කිරීමේ චෝදනාවකට වරදකරුවීම හේතුවෙන්.