නිසි තොරතුරු ලැබුණේ නම් පාස්කු ඉරිදා දේව මෙහෙයන් අවලංගු කළ හැකිව තිබුණා - අගරදගුරු හිමිපාණන්ගේ නීතීඥයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි

Wednesday, 04 September 2019 - 14:54

%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B7%80+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%8F+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%BB%E0%B6%AF%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5%E0%B6%BA%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමට පෙර ලැබුණු බුද්ධි තොරතුරු ලබාදී තිබුණේ නම් එදින දේව මෙහෙයන් අවලංගු කිරීමට හැකියාව තිබූ බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශමිල් පෙරේරා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

 ඒ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හරහා මූලික අයිතිවාසිකම් කඩවූයේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් 12 අද සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

එමෙන්ම එලෙස දැනුම්දීමක් සිදු කළේ නම් මහා ඛේදවාචකයන් වළක්වාගැනීමට හැකියාව තිබූ බවත්, නත්තල් දිනට පමණක් දෙවන වන ඉතා වැදගත් දිනයක් වූ පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කරගැනීමට අගරදගුරු හිමිපාණන් විසින් මෙම කරුණු දැක්වීම සිදුකරන බවත් ජනාධිපති නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියා.