නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ජනපති කොමිසමට

Wednesday, 04 September 2019 - 15:00

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ප්‍රකාශයක් ලබාදීම සඳහා 2015 / 2018 රාජ්‍ය ආයතනවල දූෂණවංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද පෙනී සිටියා.

ඒ ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි සමයේ එම අමාත්‍යාංශයට ලබා ගත් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළවයි.

එමෙන්ම, ලබන 11 වනදා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට ද කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා.

ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්‍ෂ අධ්‍යක්ෂ අයි.එම්.කේ.බී ඉලංගසිංහ කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් පසු ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම සහ ආයතනික අංශයට ලබාදී තිබූ ස්ථාන මාරුව සම්බන්ධයෙන් ඔහු කර තිබූ පැමිණිල්ලකට අදාළවයි.