ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව ගැන තීරණයක් ගැනීම පක්ෂ නායකයන්ට

Wednesday, 04 September 2019 - 19:31

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7
ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවාහැරීම පිළිබද තීරණය පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තුව ගතයුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ලබන වසර සඳහා අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන්නේද යන්න පිලිබද පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදි විමසූ පැනයකට පිලිතුරු ලබා දෙමින්.

එමෙන්ම, පොදුව්‍යාපාර කාරක සභාව හෙවත් කොප් කමිටුව හමුවේ ඊයේ පෙනී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් හෙළිදරව් වු කරුණු පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලූත්ගමගේ ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්ණ කර සිටි අතර අමාත්‍ය ගයන්ත කරුණාතිලක, කථානායක කරූ ජයසුරිය සහ කොප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති ඊට ප්‍රතිචාර දක්වා සිටියා.