සජිත්ට සහය දෙන කණ්ඩායම තවත් අත්සන් 50 ක් බලාපොරොත්තුවෙන්

Thursday, 05 September 2019 - 7:36

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+50+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ජනපති අපේක්ෂකයා ලෙස පත් කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකරන ලිපිය සඳහා මන්ත්‍රීවරුන් 50 දෙනෙකුගේ අත්සන් ලබාගැනීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදි ඔහු කියා සිටියේ මේ වනවිටත් මන්ත්‍රීවරුන් 40 කට වැඩි පිරිසක් ඒ සඳහා අත්සන් කර ඇති බවයි.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී අග්‍රාමාත්‍යවරයාට එම ලිපිය භාරදෙන බවද ඔහු සඳහන් කළා.  

එමෙන්ම අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කරන ලෙස බල කරමින් කුරුණෑගල නගරයේ අද රැළියක් පැවැත්වෙනවා.