ශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශයට ඩොලර් 50,000 ක ආධාරයක්

Thursday, 05 September 2019 - 8:29

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+50%2C000+%E0%B6%9A+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පසුගිය ජූලි මාසයේ බංග්ලාදේශයට ඇති වූ ස්වභාවික ව්‍යවසනය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා ඇමරිකානු ඩොලර් 50,000 ක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුව ඊට අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

හදිසි ගං වතුර සහනාධාරයක් ලෙස මෙය ලබාදෙනවා.