දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Thursday, 05 September 2019 - 9:04

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලට අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතට සහ අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්කවලට පස්වරු දෙකෙන් පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

මේ අතර උතුර පළාතේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 දක්වා ඉහළ යා හැකියි.