කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු රත්ගමදී අත්අඩංගුවට

Thursday, 05 September 2019 - 9:13

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොල්ලකෑම් සහ මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රත්ගම - කදුරැස්ස - දිරානන්න පාලම අසළදී මෙරට නිෂ්පාදිත බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක් සමඟ ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 හැවිරිදි බූස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ගාල්ල - බෙලිගහ මංසන්ධිය අසළ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් පසුගිය මස 26 වනදා ගිනි අවි පෙන්වා බියගන්වමින් මුදල් කොල්ලකෑමේ සිද්ධියටද මොහු සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම පසුගිය මස 30 වනදා ගාල්ල - සිදුරුවල පුද්ගලයෙකුගේ යතුරුපැදියක්, මුදල් සහ දුම්වැටි තොගයක්ද කොල්ල කෑම සහ ජූලි මස 17 වන දින
ගාල්ල - විස්කම් මාර්ගයේදී ගිනි අවියකින් පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියටද අවශ්‍යව සිටි අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.