කසළ තේ කිලෝ 115 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Thursday, 05 September 2019 - 11:21

%E0%B6%9A%E0%B7%83%E0%B7%85+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+115+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝ 115 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු තලවකැලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බලපත්‍ර සහිත තේකොළ අලෙවි කරන ස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ වැටලූ අවස්ථාවේ මේවා සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ නියමිත ප්‍රමිතියෙන් යුතු තේ කොළවලට මෙම කසළ තේ මිශ්‍රකරමින් මෙම ජාවාරම කළක සිට සිදුකරගෙන ගිය බවටයි.

සැකකරුවන් නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.