සජින් වාස් ගුණවර්ධනට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදෙයි

Thursday, 05 September 2019 - 11:38

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කාල සීමාව තුල නීති විරෝධී ලෙස රුපියල් කෝටි තිහකට අධික මුදලක් අත්පත් කර ගැනීම තුලින් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

ඒ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.

අධි චෝදනා භාර දීමෙන් පසුව විත්තිකරුව රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි විනිසුරුවරයා නියෝග කළේ.

මොහුට විදෙස් ගමන් තහනම් කළ විනිසුරුවරයා විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසද දැනුම් දුන්නා.

2010 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව කටයුතු කරමින් වසර 5ක් තුල රුපියල් 30 කෝටි හැට දෙලක්ෂයක මුදල් උපයා ගෙන මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ වරදක් කර ඇති බවට පවසමින් මොහුට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

මෙම නඩුව ඔක්තොම්බර් මස 01 වනදා යලි කැදවනු ඇති.