පාස්කු ප්‍රහාරයට 293 ක් අත්අඩංගුවට - 115 ක් රිමාන්ඩ් බන්ධනාගාරයට

Thursday, 05 September 2019 - 12:02

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+293+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+-+115+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව මේ වනවිට පුද්ගලයින් 293 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.

පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඉන් 115 දෙනෙකු විමර්ශන අවසන් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

එමෙන්ම, මෙම ත්‍රස්ත කල්ලියේ බිලියන 6 ක වත්කම් අනාවරණ කරගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින් 41 කගේ බැංකු ගිණුම් 100 ක් අත්හිටුවා පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.