කාන්තාවන්ට වෙන් වූ දුම්රිය මැදිරියේ ගිය පිරිමි 11 දෙනෙකු අල්ලයි

Thursday, 05 September 2019 - 13:07

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92+11+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියේ කාන්තාවන් සඳහා වෙන්වූ මැදිරියේ ගමන් ගත් පුද්ගලයින් 11 දෙනෙකු දුම්රිය ආරක්ෂණ අංශය මගින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙන් කර ඇති මැදිරිවල අනවසරයෙන් ගමන් කිරීම මොවුන්ට විරුද්ධව එල්ල වී ඇති චෝදනාවයි.

දුම්රිය ආරක්ෂණ අධිකාරි අනුර ප්‍රේමරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අතර අද පෙරවරුවේ සිය රාජකාරි සඳහා කාර්යාලවලට පැමිණෙන පුද්ගලයින්ද සිටි බවයි.

මේ අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් ප්‍රමාදවූ කැළණිවැලි මාර්ගයේ ධාවන කටයුතු යථාතත්ත්වයට පත්වී තිබෙනවා.

අද අලුයම 5.30ට පාදුක්ක සිට කොළඹ කොටුව බලා ධාවනය වූ මන්දගාමී දුම්රියක් වටරැක දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වුණා.

මේ හේතුවෙන් සියලුම කාර්යාල දුම්රිය ප්‍රමාද වූ අතර, කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය වෙනත් දුම්රියක් මගින් මීගොඩ දුම්රිය ස්ථානය වෙත රැගෙන එනු ලැබුවා.

ඉන් අනතුරුව ප්‍රමාදවූ සියලුම දුම්රිය මේ වනවිට කොළඹ - කොටුව දක්වා ධාවනය වී ඇති බවයි පාලක මැදිරිය සඳහන් කළේ.