අගමැතිගෙන් ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන්ට කැඳවීමක්

Thursday, 05 September 2019 - 13:18

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
විශේෂ සාකච්ඡාවක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කැඳවීමක් කර තිබෙනවා.

ඒ අනුව හෙට උදෑසන 10.30 ට අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙසයි ඔවුන්ට දැනුම්දී ඇත්තේ.

ඉදිරි ජනාධිපතිවරණය සහ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ.

එමෙන්ම ඉදිරියේදී ගොඩනැගෙන එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ කටයුතුද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ජනපති අපේක්ෂකත්වය ලබාදෙන ලෙස ඉල්ලමින් පැවැත්වෙන තුන්වන ජන රැළිය අද කුරුණෑගල සත්‍යවාදී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

පස්වරු දෙකට මෙම රැස්වීම ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවයි  ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ.

මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙස ඉල්ලා අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරි දින කිහිපයේදී ලිපියක්ද භාරදීමට සැළසුම් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මේ වනවිටත් මන්ත්‍රීවරුන් 40 කට වැඩි පිරිසක් ඊට අත්සන් කර ඇති බවයි ඔහු කියා සිටියේ.

මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවන ලෙස ඉල්ලා අගමැතිවරයා වෙත මෙම මන්ත්‍රීවරුන් ලිපියක්ද යොමුකළා.