ලබන 9 වනදා මැතිවරණ කොමිසම රැස්වේ

Thursday, 05 September 2019 - 13:38

%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+9+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන බවට දේශපාලන පක්ෂ 20කට අධික සංඛ්‍යාවක් මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී තිබෙනවා.

ජනාධිපතිවරණය නොවැම්බර් 10 සහ දෙසැම්බර් 8 වන දා අතර දිනකදී පැවැත්වෙන බවට වාර්තා පළ වුණා.

මේ අතර ලබන 9 වනදා මැතිවරණ කොමිසම රැස්වීමට නියමිතයි.

එහිදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඊට අමතරව ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.