අධිකරණය ස්වාධීන කළේ තමන් බව ජනපති කියයි

Thursday, 05 September 2019 - 13:39

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%93%E0%B6%B1+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පසුගිය වසර 5 කට ආසන්න කාලයේදී තමන් අධිකරණ කේෂත්‍රයට සිය සේවා ඉටු කිරීමට බලපෑම් වලින් තොර විශිෂ්ඨ පසුබිමක් ගොඩනැගු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොළොන්නරුව නව නගර සැලැස්ම යටතේ ඉදිකළ නව අධිකරණ සංකිර්ණය විවෘත කිරිමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින්.

රුපියල් මිලියන 327ක වියදමින් ඉදිකරන ලද මෙම අධිකරණ සංකීර්ණය මහාධිකරණයකින්, මහේස්ත්‍රාත් අධිකරණයකින් සහ දිස්ත්‍රික් අධිකරණයකින් සමන්විතයි.

අද පැවති උත්සවයට අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල මෙන්ම හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂද එක්ව සිටියා.