කංජිපානි ඉම්රාන් ලබන සදුදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක්

Thursday, 05 September 2019 - 15:12

%E0%B6%9A%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%89%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AF%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පොලිස් නිලධාරියෙකුට බැන මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට දැනට බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් ලබන සදුදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළා.

කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු හෙරොයින් ග්‍රෑම් 20 ක් සමග කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අවස්ථාවකදී ඔහුව නිදහස් කරන ලෙස වැටලීමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකුට විදේශගතව සිට දුරකථනයෙන් බැන මරණීය තර්ජන එල්ල කර ඇති බවට පොලීසිය මේ පිළිබදව අද අධිකරණය හමුවේ කරුණු දැක්වූවා.