සජිත් ජනපති අපේක්ෂකයා කරන්න පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ගැනීමේ ව්‍යාපාරයක්

Thursday, 05 September 2019 - 17:02

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙසට ඉල්ලමින් සකස් කරන ලද පෙත්සමකට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බලහත්කාරයෙන් අත්සන් ලබා ගැනීමට කැබිනට් නොවන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු විසින් ගෙන යන ව්‍යාපාරයක් පිළිබඳව පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් ගණනාවක් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කොට ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කර තිබෙනවා.

"මන්ත්‍රීවරුන් බියවද්දා ඔවුන්ගේ අත්සන් ලබා ගැනීම මෙම අයථා වැඩපිළිවෙළට විරුද්ධව ඉක්මන් පියවරක් ගන්නා ලෙස" මෙම මන්ත්‍රිවරුන් පසුගිය දිනවල මාලදිවයිනේ නිල සංචාරයක යෙදී සිටි අග්‍රාමාත්‍යවරයාට දුරකථනයෙන් අමතා කියා තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතා කුමන ආකාරයෙන් හෝ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගෙන අනිවාර්යයෙන්ම ජනාධිපති ධුරයට පත්වන බවත්, එවිට පක්ෂයේ ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති ආකාරයට පක්ෂයේ නායකත්වය ඔහුට ඉබේම හිමිවන බවත්, සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන ලෙස ඉල්ලන මෙම පෙත්සමට අත්සන් නොකරන්නේ නම් ඉදිරි මහ මැතිවරණයට නාම යෝජනා ලබා ගැනීමට බලාපොරොත්තුව සිතින් අත් හැර ගන්නා ලෙසත් මෙම කැබිනට් නොවන අමාත්‍යවරුන් විසින් මන්ත්‍රීවරුන්ට තර්ජනාත්මක ලීලාවෙන් පවසා ඇතැයි වාර්තා වනවා.

තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙසේ තර්ජන සහ බලපෑම් කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි තීරණයක් තමා නොපමාව ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම මන්ත්‍රීවරුන්ට පවසා ඇතැයි අග්‍රාමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබෙනවා.