බුදුපිළිම ලබා ගැනීමට කැණීම් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Thursday, 05 September 2019 - 17:41

%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රත්‍රං බුද්ධ ප්‍රතිමා දෙකක් ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු දඹුල්ලේ දී අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දඹුල්ල - ඉබ්බන්කටුව ජලාශය පාරේ පිහිටි ඉඩමක මොවුන් දෙදෙනා දීර්ඝ කාලයක සිට කැණීම් සිදුකර ඇති බවටයි පොලීසිය අනාවරණ කරගෙන ඇත්තේ.

වැටලීම් සිදුකරන අවස්ථාවේදී කැණීම් සිදුකිරීම සඳහා උපයෝගි කර ගත් ස්වයංක්‍රීය ගල් විදිනයක් ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉඩමෙහි හිමිකරු සහ මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.