සහරාන්ගේ පරිගණකය එෆ්.බී.අයි නොගිය බවට පොලීසියෙන් සහතිකයක්

Thursday, 05 September 2019 - 19:08

%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A%E0%B6%BA+%E0%B6%91%E0%B7%86%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ ලැප්ටොප් පරිගණකය, ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනය භාරයේ නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.

එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින බවයි පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

මේ අතර, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව මේ වනවිට පුද්ගලයින් 293 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ ඉන් 115 දෙනෙකු විමර්ශන අවසන් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

මීට අමතරව, මෙම ත්‍රස්ත කල්ලියේ බිලියන 6 ක වත්කම් අනාවරණ කරගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින් 41 කගේ බැංකු ගිණුම් 100 ක් අත්හිටුවා ඇති බව ද ඔහු කියා සිටියා.

එමෙන්ම, අද පාර්ලිමේන්තුවේදී ද, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සංවාදයට ලක් වුණා.