අකුරැස්සේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල

Friday, 06 September 2019 - 7:08

%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
අකුරැස්ස - තිබ්බටුවාව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද අලූයම එම ප්‍රදේශයේදී අංක තහඩු නොමැතිව ධාවනය කළ යතුරුපැදියක් නවත්වන ලෙස මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා අණ කර ඇති අතර, එය නොනවත්වා ධාවනය කර ඇති නිසා මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා එය ලූහුබැද ගොස් තිබෙනවා.

එම අවස්ථායේ යතුරුපැදියේ සිටි පුද්ගලයින් පොලිස් නිලධාරීන් ගමන් ගත් යතුරුපැදියට වෙඩි තබා ඇති අතර එහිදී පොලිස් නිළධාරීන් දෙදෙනා තුවාල ලබා ඇති බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

තුවාල ලැබූ අකුරැස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අදාළ පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා මාතර මහරෝහලේ ප්‍රතිකාර ලබනවා.

වෙඩි වැදීමෙන් ඔවුන්ගේ පාදවලට හානි සිදුවී ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.