දීගදන්තු මියගියේ රේවතගේ පහරදීමෙන් - පෙම් හබයක්දැයි සැක

Friday, 06 September 2019 - 7:44

%E0%B6%AF%E0%B7%93%E0%B6%9C%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9A%E0%B7%80%E0%B6%AD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A
කලාවැව ජාතික උද්‍යානයේදී දීගදන්තු 01 හස්තියා මියගොස් ඇත්තේ ඇත් පන්තියේ සිටින රේවත නම් ඇතාගේ පහරදීමෙන් බවට වනජීවි දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

මියගොස් සිටි දීගදන්තුගේ සිරුර පසුගියදා සොයා ගැනුණේ කලාවැව ජාතික උද්‍යානයේ සියඹලාගස්පිටිය ප්‍රදේශයෙන්.

තවත් ඇතෙකුගේ පහරදීමෙන් දීගදන්තු මියගිය බව එහිදී අනාවරණ වූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වුණේ ඇත්දළ පහරවල් රැසක් දීගදන්තුගේ සුෂුම්නාව ආශ්‍රිත ප්‍රදේශයට එල්ල වී ඇති බවයි.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගල්කිරියාගම වනජීවි කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම ඇත් පන්තියේ සැරිසරන රේවත හස්තියා සහ දීගදන්තු අතර ඇති වූ සටනක ප්‍රතිඵලයක් ලෙස දීගදන්තු 01 හස්තියා මියගොස් ඇති බවයි.

එය ඇතින්නකට දෙදෙනාම පෙම් බැඳීම නිසා ඇති වූ ගැටුමක් බවටද වනජීවි නිලධාරීන් සැක පළ කරනවා.

මේ අතර, දීගදන්තුගේ දළ යුගලය අධිකරණ නියෝග මත වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාරදීමට නියමිතයි.


දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More