අර්ජුන මහේන්ද්‍රන් ගැන සලකා බැලීමට සිංගප්පූරුව සූදානම්

Friday, 06 September 2019 - 8:01

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරීමේ ඉල්ලීම පිළිබඳ, ඊට අදාළ තොරතුරු සහ ලියකියවිලි ලැබුණු පසු සලකා බලන බව සිංගප්පූරු රජය ප්‍රකාශ කර තිබෙනවා.

සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් ද ස්ට්‍රේට් ටයිම්ස් පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ මෙම වසරේ ජනවාරි 18 වැනිදා සිට අදාළ තොරතුරු හා ලියකියවිලි ඉල්ලා ඇතත්, මේ දක්වා ඒවා ලැබී නොමැති බවයි.

ඒ බව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයද තහවුරු කර ඇති බවයි සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ.

අදාළ ලියකියවිලි ලැබුණු වහාම සිංගප්පූරු නීතියට අනුකූලව අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරීමේ ඉල්ලීම පිළිබඳව සලකා බලන බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

2015 වසරේ සිදුවු බැඳුම්කර වංචාවට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත්, සිංගප්පූරුවට භාරදීම සඳහා පිටු 21,000 කින් සමන්විත ලේඛණයක් නීතිපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයට භාර දී ඇති බව පසුගියදා වාර්තා වුණා.