හිටපු රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලබන 12 වන දා ජනපති කොමිසමට

Friday, 06 September 2019 - 8:10

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+12+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
ශ්‍රී ලංකා රජය සතු රන් ආකරවල රත්‍රං අඩංගු පස් නීතිවිරෝධීව අපනයනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට 2015/2018  වංචාදුෂණ  ගැන සොයන ජනාධිපති කොමිසම සූදානම් වනවා.

ඊට අදාළව හිටපු රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්.ගුණරත්නට නොතීසි නිකුත් කර ඇති අතර, ඔහු ලබන 12 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.
අදාළ ලිපි ගොනු ඉදිරිපත් කරන ලෙස වත්මන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාටද නොතිසී නිකුත් කර තිබෙනවා.

මේ අතර, කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපතිවරයා ඊයේ කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.
ඔහු එහිදී සඳහන් කළේ අදාළ ගොඩනැගිල්ලට වක්‍රාකාරයෙන් නගර සභාවේ අනුමැතිය ලබාගෙන ඇති බවයි.

මෙම සිද්ධියට අදාළව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක අද යළි කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතයි. එසේම, බදු මුදල් අය කිරීමකින් තොරව මහනුවර ඉඩම් කාර්යාලයේ ඉඩම් ලියාපදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද ජනාධිපති කොමිසම අද විමර්ශන ආරම්භ කරනවා.