මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය කෝප් කමිටුව හමුවට

Friday, 06 September 2019 - 8:42

%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මහජන බැංකුවේ හිටපු සභාපතිවරයෙකු සහ වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන හේමසිරි ප්‍රනාන්දුට සහ රාජ්‍ය ව්‍යවසාය කටයුතු අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු වන ආර්.සේමසිංහට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටින ලෙස ඊයේ රැස්වූ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව නියෝග කළා.

ඒ, කෝප් කමිටුවේ තීරණයන් උල්ලංඝනය කරමින් රජයට රුපියල් මිලියන 15 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන්.

ඊට අමතරව මෙම ගණුදෙනුවට සම්බන්ධ පුද්ගලයින්ගෙන් අදාළ පාඩුව අය කරගන්නා ලෙස ද කෝප් කමිටුව මෙහිදී නිර්දේශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගේ සභාපතීත්වයෙන් රැස්වූ කෝප් කමිටුවට ඊයේ දිනයේ මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කැඳවා තිබුණා.