ඇල්පිටියේදී බස් රථයක් තුළ වෙඩි තැබීමක් - පුද්ගලයෙක් මරුට

Friday, 06 September 2019 - 9:11

%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඇල්පිටිය - අලූත්ගම මාර්ගයේ අටකොහොට - බෝගහ වංගුව අසළදී ශ්‍රී ලංගම බස් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

අද පෙරවරුවේ අලුත්ගම සිට ඇල්පිටිය දක්වා ධාවනය වූ මෙම බස් රථය එම ස්ථානයේ නතර කළ අවස්ථාවේදී  යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු බසයට නැග අදාළ පුද්ගලයා වෙඩි තබා පළා ගොස් ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඔහු ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ 41 හැවිරිදි ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.