නීතිපති ගොණුකළ නඩුවට පූජිත් සහ හේමසිරි මහාධිකරණයට

Friday, 06 September 2019 - 10:20

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%9C%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%9A%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර කොළඹ මහාධිකරණයට අද පෙරවරුවේ පැමිණියා.
 
ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔවුන් දෙදෙනාට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ ප්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධයෙන් වන නඩු විභාගයට සහභාගිවීම සඳහායි.

මීට පෙර එම ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට එරෙහිව වගඋත්තරකරුවන් ඉදිරිපත් කර තිබූ මූලික විරෝධතා කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි විසින් ප්‍රතික්ෂේප කළා.

 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාල බුද්ධි තොරතුරු වලට අනුව ක්‍රියාමාර්ග නොගැනීමේ චෝදනාවට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා ප්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබෙනවා.  

 මේ අතර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ පවත්වාගෙන යන රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව සාක්ෂි ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක 2015 - 2018 වසර වල රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා.

මීට පෙර ද ඔහු කොමිෂන් සභාව හමුවේ මෙම සිදුවීමට අදාළව සාක්ෂි ලබාදුන්නා.