අගමැති සහ එජාප ජ්‍යෙෂ්ඨයන්, අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක

Friday, 06 September 2019 - 13:04

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%85%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%84+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට අරලිය ගහ මන්දිරයේදී පැවැත්වෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ 73 වන සංවත්සරය අදට යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් කිසිදු සැමරුම් උත්සවයක් සංවිධානය කර නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර, අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් අනෙකුත් මන්ත්‍රීවරුන්ගෙන් බලහත්කාරයෙන් අත්සන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාරගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළා.

එහිදී ඔහු සදහන් කළේ එවැනි සිද්ධියක් කිසිසේත් සිදුනොවන බවයි.

පක්ෂයේ සියළු දෙනා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට කැමැත්තෙන් සිටියදී එවැන්නක් සිදුවන බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බවයි ඔහු කියා සිටියේ.