නිදහස් පක්ෂයේ තීරණය සාකච්ඡාවලට බාධාවක් නැහැ

Friday, 06 September 2019 - 13:11

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති තීරණය පක්ෂ දෙක අතර, සන්ධානගතවීම පිළිබඳ සාකච්ඡාවලට බාධාවක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එහි ප්‍රතිපත්ති සම්පාදක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ නිදහස් පක්ෂය එවැනි තීරණයක් ගෙන ඇත්තේ එම පක්ෂයේ අනන්‍යතාව සහ ප්‍රමුඛතාව රැක ගැනීම සඳහා බවයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණා.

මධ්‍යම කාරක සභාවේදී සහ පසුගියදා පැවති පක්ෂ සම්මේලනයේදී ලද ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගත් බවයි නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක,
පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.