හොර වීසා වලින් රට යන්න හැදු ලාංකිකයෙකු අත්අඩංගුවට

Friday, 06 September 2019 - 13:15

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B7%80%E0%B7%93%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%94++%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගී කරගනිමින් අප්‍රිකාවේ ඝානා රාජ්‍යය ඔස්සේ යුරෝපය වෙත යාමට උත්සාහ කළ තරුණයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් ඩුබායි බලා පිටත්ව යාමට පැමිණ සිටියදී මෙලෙස අත්අඩංගුවට පත් වුණේ 29 හැවිරිදි මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

ඩුබායි රාජ්‍යයට යාම සඳහා ලියකියවිලි ඉදිරිපත් කිරීමට ආගමන විගමන කවුළුව වෙත පැමිණි මොහු සන්තකයේ ඝානා රාජ්‍යයේ වීසා බලපත්‍රයක් තිබීම සම්බන්ධයෙන් සැක සිතී ආගමන විගමන නිලධාරීන් සිදුකළ පරීක්ෂාවකදී එය ව්‍යාජ එකක් බවට අනාවරණ වී තිබෙනවා.

වැඩිදුර පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ මීට පෙර ඩුබායි රාජ්‍යය වෙත ගොස් සිටියදී එරට ගුවන් තොටුපළේදී තැරැව්කරුවෙකු මොහුට මෙම ව්‍යාජ වීසා බලපත්‍රය සකස් කර දී ඇති බවයි.

මීට පෙර අවස්ථාවක දී ද මෙම තරුණයා අප්‍රිකානු මහද්වීපයේ ලෙසතෝ රාජ්‍යය වෙත ගොස් යුරෝපයට යාමට තැත් කිරීමේදී එරට නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පසුව පිටුවහල් කර ඇති බවට ද එහිදී අනාවරණ වුණා.

ඝානා රාජ්‍යය හරහා යුරෝපයට යාමේ ගුවන් ගමනට මොහු රුපියල් 63 ලක්ෂයක මුදලක් වැය කර ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව කියා සිටියේ.